පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට - මෙන්න හේතුව

Report

වැලිකන්ද ප්‍රදේශයේ පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරකින් තුවාල ලබා, රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (12) සවස වැලිකන්දේදී, පුද්ගලයින් තිදෙනෙකු සමඟ යතුරුපැදියකින් ගමන් ගත් අතර රථවාහන පොලිසිය ඒ යතුරුපැදිය නවත්වීමට උත්සාහ කළේය.

නමුත්, පැදිකරු නියෝග නොතකා යතුරුපැදිය අඛණ්ඩව ධාවනය කරමින් නිවසට ගොස් සැඟවී සිට ඇත. සැඟවී සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී මන්නයකින් පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කළ අතර, එම අවස්ථාවේදී පොලිසිය වෙඩි පහරක් එල්ල කර ඇත.

වෙඩි වැදීමෙන් ඔහුගේ පාදයට සහ පපුවට තුවාල සිදු වී, රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.අදාල යතුරුපැදියේ ගමන්ගත් අනෙක් පුද්ගලයින් දෙදෙනා සොයා පොලිස් විමර්ශන තවමත් සිදුකරනු ලැබේ.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස් ඉල්ලා අස්වේ.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස් ඉල්ලා අස්වේ.

බිහිසුණු අනතුරක් - හතරක් මරුට

බිහිසුණු අනතුරක් - හතරක් මරුට