අද උපරිම උෂ්ණත්වය කටුනායකින් වාර්තා වෙයි
අද (12) දිනයේ දිවයිනේ වාර්තා වූ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.5ක් ලෙස කටුනායක කාලගුණ මධ්‍යස්ථානයෙන් සටහන් වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම අද දිනයේ අවම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 15.9ක් නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.
තවද අද දහවල් කාලය වන විට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමක් මඟින් දක්වා ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.