දිට්වා සුළි කුණාටුව ගැන ඇග හිරිවැටෙන ඇත්තක් එළියට
දිට්වා සුළි කුණාටුවෙන් පසු ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප මත පදනම්ව, ශ්‍රී ලංකාවේ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ 4,800 ක් පමණ හඳුනාගෙන ඇති බව ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය (ACCIMT) අද තහවුරු කළේය.
ACCIMT අධ්‍යක්ෂ ජනරාල් කුමාරි මීගහකොටුව මහත්මිය මාධ්‍ය වෙත පැවසුවේ, උසස් චන්ද්‍රිකා ඡායාරූප භාවිතයෙන් සිතියම්ගත කිරීම සිදු කළ බවත්, එමඟින් මාධ්‍යවල කලින් විකාශනය කර වාර්තා කරන ලද ඒවාට වඩා සැලකිය යුතු නායයෑම් අවදානම් කලාප සංඛ්‍යාවක් අනාවරණය වූ බවත්ය.
මධ්‍යම කඳුකරයේ වැඩිම නායයෑම් සංඛ්‍යාවක් වාර්තා වූ බව ඇය තවදුරටත් පැවසුවාය. “අපේ රටේ බොහෝ විට, සූදානම් කිරීම් සිදු කරනු ලබන්නේ කල්තියා නොව, නායයෑම් සිදු වූ පසු පමණි,” මීගහකොටුව මහත්මිය පැවසුවාය.
මෙයට පිළියමක් ලෙස, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය හරහා ආපදා කළමනාකරණ රාමුව යටතේ අදාළ ආයතන, විශ්ව විද්‍යාල සහ අනෙකුත් බාහිර ආයතන සමඟ චන්ද්‍රිකා සිතියම් දත්ත බෙදා ගැනීමට ACCIMT තීරණය කර ඇත.'
ඊට අමතරව, ගංවතුර සමයේදී ජලයෙන් යට වූ ප්‍රදේශ දැක්වීමට සහ ගංවතුර අවදානම් කලාපවලින් ඉවත් කළ යුතු පදිංචිකරුවන් හඳුනා ගැනීමට බලධාරීන්ට උපකාර කිරීම සඳහා ජලයෙන් යටවන සිතියම් නිර්මාණය කර ඇත.