බිහිසුණු අනතුරක් - හතරක් මරුට
පරන්තන්-මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමොටෙයි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන ආකාරයට අද (12) සවස එම අනතුර සිදුව තිබුණේ බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්ය.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයින් පස් දෙනෙකු සිට ඇති අතර ඉන් සිව්දෙනෙකු මෙලෙස මියගොස් ඇත.