අද අලුයම දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක් එක් අයෙක් ජීවිතක්ෂයට 6 දෙනෙක්ට තුවාල
මෙම අනතුර අද (16) අලුයම් කාලයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.
එසේම අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම රෝහලටත්, ළමුන් තිදෙනෙකු කළුබෝවිල රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.
එහෙත් හෝමාගම රෝහලට ඇතුළත් කළ එක් කාන්තාවක් මියගොස් ඇති බව සඳහන්.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.
එසේම මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව සඳහන්.