අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඇතුළු පිරිස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මවුලවි ඇතුළු විශේෂ කණ්ඩායමක් මෙම සතියේ ජිනීවා වෙත යෑමට සිටින බව වාර්තා වේ.
මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ජිනීවාහි පැවැත්වෙන අතර මෙම කණ්ඩායම ඊට සහභාගී වීම සදහා මෙම ගමන සැලසුම් කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම පසුගිය සඳුදා ජිනීවා වෙත ගොස් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රකාශ කර නැවත රටට පැමිණියේය.
මෙම තත්ත්වය තුළ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායම ජිනීවා වෙත යනු ඇත.
මෙම කණ්ඩායම ජිනීවාහි අභ්‍යන්තර කටයුතුවල ප්‍රගතිය පිළිබඳව වාර්තා කරන අතර අභ්‍යන්තර යාන්ත්‍රණය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ උත්සාහයන්හි නිරත වනු ඇතැයි පැවසේ.