නිදන් හෑරු එකම පවුලේ හතර දෙනා මාට්ටු
කොක්නහර ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි එකම පවුලේ සිව්දෙනෙකු අම්පාර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයට ලැබුනු තොරතුරක් අනුව අද (10) පස්වරුවේ මෙම වැටලිම සිදුකර ඇති අතර, එහිදී නිදන් හාරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු හා උපකරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී වතුර මෝටරයක්, විදුලිය සපයා ගැනීම සඳහා භාවිත කළ විදුලි රැහැන්, පුජා භාණ්ඩ, අඳුනක්, අලවංගු ඇතුලු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඉහත අත් අඩංගුවට ගත් සැකකරුවන් විසින් දැනට දින කිහිපයක සිට මෙම කැණීම් කටයුතු සිදුකර ඇති බවයි පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගැනීමට හැකිවී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉඟිනියාගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.