මාලිමාවට සහාය දුන් අගලවත්ත ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වේ - හේතු රැසක් ගැන සඳහන් කරමින් ලිපියක්

Report

ආණ්ඩු පක්ෂය වෙත අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සෘජුවම සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් මහතා තමා හෙබ වූ උප සභාපති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් කුමාරසිංහ මහතා වෙත අද 26 වනදා නිල වශයෙන් භාරදී තිබේ.

සිය ධුරයේ නිල වශයෙන් දිවුරුම් දී වසරක් සපිරෙන අද දිනයේම ඔහු උප සභාපති තනතුරෙන් මෙලෙස ඉල්ලා අස්වන බවයි මීට පෙර අප කළ විශේෂ විමසීමකදී ද ඔහු තහවුරු කර සිටියේ.

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ උප සභාපති ධුරයට අමතරව තමන් එතෙක් දැරූ මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාවේ සහ කාර්මික සේවා කාරක සභාවේ සාමාජිකත්වයන්ගෙන් ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවයි.

අගලවත්ත නගරය නිසි පරිදි ප්‍රතිසංවිධානය කිරීමට තිබූ වටිනා සංවර්ධන සැලසුම් දිගින් දිගටම නොසලකා හැරීම නිසා අගලවත්ත නගරය තවමත් පිරිහී ගිය යටගිය තත්ත්වයේම පැවතීම මතුගම අධිකරණයේ පවතින දැඩි නඩු තදබදය අවම කරමින් අගලවත්ත ප්‍රදේශයට අලුතින්ම අධිකරණ සංකීර්ණයක් සහ නව පොලිස් ස්ථානයක් ගෙන ඒමට දුල්වෙල්ල ප්‍රදේශයෙන් විශේෂයෙන් වෙන් කළ අක්කර 2 ක භූමියේ ප්‍රගතිශීලී වැඩකටයුතු විවිධ දේශපාලන බලපෑම් මත නතර කිරීම මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිදහස් කර දුන් වටිනා භූමියක හෙළ බොජුන් අවන්හලක් ඇතුළු නවීන වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට තමන් කළ යෝජනාවට සභාවේ නිසි සහයෝගය නොදැක්වීම යන බරපතළ කරුණු රැසක් ඔහු එම ලිපියේ පැහැදිලිව සඳහන් කර ඇත.

තවද සාමාන්‍ය මහජනතාවට සහ පාසල් දරුවන්ට නිරන්තරයෙන්ම දැඩි අනතුරක්ව පවතින අගලවත්ත මංසන්ධියේ ඇති අබලන් ගොඩනැගිල්ල නීත්‍යානුකූලව කඩා ඉවත් කිරීමට දිගින් දිගටම බාධා කිරීම නගරයේ පවතින අතිශය අබලන් පොදු වැසිකිළි වෙනුවට නව වැසිකිළි පද්ධතියක් හැදීමට මූලික ප්‍රමුඛතාව නොදී සභාව සතු රුපියල් ලක්ෂ 400 කට ආසන්න මහජන මුදල බැංකු පොතේ ඉතිරියක් ලෙස නිකරුණේ තබාගෙන ජනතාව අපහසුතාවයට පත් කිරීම තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සූර්ය කෝෂ සහිත වීථි පහන් පද්ධතියක් සවි කිරීමට සහ අනෙකුත් කොට්ඨාස 11 ම ආලෝකමත් කිරීමට තමන් ඉල්ලූ නෛතික බලතල ලබා නොදීම යන කරුණු ද එහි අන්තර්ගතය.

සියලුම රාජ්‍ය සේවකයන්ට නව නීතියක් - රාජකාරී වෙලාව තුළ ස්මාර්ට් ෆෝන් භාවිතා කිරීම තහනම් ජුලි 16 සිට ක්‍රියාත්මකයි

සියලුම රාජ්‍ය සේවකයන්ට නව නීතියක් - රාජකාරී වෙලාව තුළ ස්මාර්ට් ෆෝන් භාවිතා කිරීම තහනම් ජුලි 16 සිට ක්‍රියාත්මකයි

එසේම රටේ පවතින බලශක්ති අර්බුදයට ස්ථීර විසඳුම් ලෙස වියතුන්ගේ බලවත් ප්‍රසාදයට ලක්වූ වටිනා වාර්තාවක් තමන් ඉදිරිපත් කළ ද සභාපතිවරයා ඇතුළු NPP කණ්ඩායම එය කියවා තේරුම් ගැනීමටවත් කිසිදු උත්සාහයක් නොකර කුණු බක්කියට දැමීම සහ රිදීරේඛාගම මාර්ගය කඩිනමින් නඩත්තු කිරීම සඳහා කළ සාධාරණ ඉල්ලීම් දේශපාලන පටු මනසකින් යුතුව මඟ හැරීම තමන් සිය තනතුරින් ඉල්ලා අස්විමට ප්‍රධානතම හේතු වී ඇති බවයි එම ලිපිය මඟින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.