ගිනි අවියක් සහ පතරොම් සමඟ අයෙක් මාට්ටු
මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදී ටී56 ගිනිඅවියක් සහ පතරොම් 29ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (07) සවස් කාලයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්ය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශය විසින් සිදු කරනු ලබයි.
මේ අතර ඇතිමලේ පොලිස් වසමේ වරාකනත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ඇතිමලේ වැව ප්‍රදේශයේ වයස අවුරුදු 55ක් වූ පදිංචිකරුවෙකි.
එමෙන්ම තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සමඟයි.
ඊයේ (07) සවස් කාලයේ හලාවත පොලිස් වසමේ බංගදෙනිය ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර එම ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54 ක් වූ බංගදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
