අවුරුදු එකහමාරක දරුවෙක් ඇළකට වැටෙයි.. සියල්ලන් සංවේදී කළ සිදුවීම..
මඩකලපුව - වැල්ලාවේලි පොලිස් වසමේ දී අවුරුදු එකහමාරක් වයසැති කුඩා දරුවෙකු ඇළකට වැටි මිය ගොස් ඇති බව වාර්තා වේ.
එම අනතුර සිදුව ඇත්තේ, ඊයේ (04) දරුවා ඇළ අසල නිවසේ සිට ඇවිද යමින් සිට ඇති අතර දී ය.
එහිදී දරුවා එක්වරම ඇලට වැටී ඇත.
ඒ අනුව දරුවා කඩිනමින් පළුකාමම් ප්‍රාදේශීය රෝහල වෙත රැගන ගොස් ඇති අතර රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුවන්චිකුඩි මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
You May Like This Video👇
.