ඕලුගල තැන වැඩබලන්න කේ.සී. ආරියවංශ පත් කරයි
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්යක්ෂ ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ මහතා පත් කර ඇත.
අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට රාජකාරි නිවාඩු ලබාගෙන සිටින රොහාන් ඕලුගල මහතා යළි රාජකාරි කටයුතු සඳහා පැමිණෙන තෙක් කේ.සී ආරියවංශ මහතා එම ධුරයේ වැඩබැලීමට පත් කර තිබේ.
තවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ මහතා මධ්‍යම මේ වනවිට අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ධුරයේ රාජකාරී කරනු ලබයි.