හිටපු OIC සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
By Kanchana
සූරියකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළව මොවුන් අත්අඩංගුව ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කර තිබේ වනජීවී ආඥා පනත උල්ලංඝනය කිරීමට එරෙහිව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වී තිබේ.
සැකකරුවන් හෙට (07) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ තවද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර තවදුරටත් විමර්ශන සිදුකරනු ලබයි.