අපොස සාමාන්‍ය පෙළ ලියූ බන්ධනාගාර රැඳවියන්..ප්‍රතිඵල මෙන්න.

education prisoners o/l result magasine jail vataraka
By Sithumi Sep 24, 2021 01:04 PM GMT
Sithumi

Sithumi

Report

2020 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වූ බන්ධනාගාරගත රැඳවියන් සිව්දෙනෙකු එම විභාගය සමත්වී තිබේ.

එලෙස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ඇත්තේ වටරැක හා මැගසින් බන්ධනාගාරවල රැඳවින් 04 දෙනෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම රැඳිවියන් සිව්දෙනා අතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු හා තවත් සැකකරුවෙකු ඉහළන්ම විභාගය සමත් වී ඇති බව වාර්තා වේ.

ඔවුන් විභාගය සඳහා පෙනී සිට ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ හා වටරැක එළිමහන් සිර කඳවුරේ සුනීත පාසලේ පැවති විභාග මධ්‍යස්ථානවලින් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර, වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත්දීම අවශ්‍ය නොවන බැවින් කොවිඩ් උවදුර සමනයවීමත් සමග පාසල් යළි විවෘත කිරීමේදී 1 සිට 5 ශ්‍රේණිවල පාසල් 3,884ක් මුල් අදියර යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.

පාසල් යළි විවෘත කිරීම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (24) සංවිධාන කර තිබූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ බව පැවසීය.

ඒ අනුව ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

සම්පූර්ණ නිවේදනය පහතින්,

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha