යුද උණුසුම මැද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යයි

Report

ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කරමින් ඉරානය ප්‍රහාර පුළුල් කිරීමත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදුවන බලශක්ති ප්‍රවාහනයට බලපෑම් එල්ල විය හැකි බවට මතුව ඇති අවදානම හේතුවෙන්, ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් තිබේ.

වෙළෙඳපොල දත්ත අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.34කින්, එනම් සියයට 3.08කින් ඉහළ ගොස් ඩොලර් 78.35ක් ලෙස වාර්තා වී ඇත. එසේම, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 2.21කින් හෙවත් සියයට 3.09කින් ඉහළ ගොස් ඩොලර් 73.62ක් දක්වා වර්ධනය වී තිබේ.

පෙට්‍රල් මිල හේතුවෙන් ගුවන් ගමන් ගාස්තුත් වැඩිවෙයි - මෙන්න විස්තරේ

පෙට්‍රල් මිල හේතුවෙන් ගුවන් ගමන් ගාස්තුත් වැඩිවෙයි - මෙන්න විස්තරේ

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කළ නවතම මාසික වාර්තාවට අනුව, ජූනි මාසයේදී ගෝලීය තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 4.1කින් ඉහළ ගොස් තිබුණද, එය යුද ගැටුම් ආරම්භ වීමට පෙර පැවති මට්ටමට සාපේක්ෂව දිනකට බැරල් මිලියන 9.4කින් පහළ මට්ටමක පවතින බව සඳහන් වේ.

මේ අතර, සති අන්තයේදී ගැටුම් තවදුරටත් උග්‍ර වීම හේතුවෙන්, මෙම අර්බුදයට ඉක්මන් විසඳුමක් ලැබෙනු ඇතැයි පැවති අපේක්ෂාව පිළිබඳ සැක මතුවිය හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.

පෙට්‍රල් මිල හේතුවෙන් ගුවන් ගමන් ගාස්තුත් වැඩිවෙයි - මෙන්න විස්තරේ

පෙට්‍රල් මිල හේතුවෙන් ගුවන් ගමන් ගාස්තුත් වැඩිවෙයි - මෙන්න විස්තරේ