ඩීසල් ලීටරයකින් 128ක්.. පෙට‍්‍රල් 80ක්..ඉතිහාසයේ වැඩිම මිලකින් ඉහළ යයි?!!!.
අද වන විට ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ නැංවන ලෙස තමන් රජයට යෝජනා කල බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
දැනට ඩීසල් ලීටරයකින් රුපියල් 128ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක් සංස්ථාව පාඩුවක් ලබන බවත් හෙතෙම පැවසීය.
තව දුරටත් මෙම පාඩුව රජයට දැරීමට හැකි යයි තමන් නොසිතන බව පැවසූ ඒ මහතා, මිල වැඩි කිරීම ගැන සලකා බැලිය යුතු බවද සදහන් කලේය.
ඔහු මේ බව පැවසුවේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා තිබේ.
ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා ඇත.
මෙම මිල වැඩි කිරීම සමග ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල්වල පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214කි.
මෙය එක්වරකදී මෙරට ඉන්ධන මිල ඉහල දමනලද වැඩිම අගයද වෙයි. අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
