තෙල් මිල එකවරම ඉහළ යයි..වෙළඳ පොළේ සිදු වූ වෙනස මෙන්න..

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහල යාමක් ඊයේ (15) දිනයේ පෙන්නුම් කරනු ලැබී ය.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83. 12ක් ලෙස සටහන් වූ අතර, එම වැඩිවීම 37%ක් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 79. 03ක් ලෙසයි.

ප්‍රධාන පලාතක, දිස්ත්‍රික් 03ක සියලුම රෝහල් වැඩ වර්ජනයක..වර්ජනය කරන කාලය මෙන්න..

ප්‍රධාන පලාතක, දිස්ත්‍රික් 03ක සියලුම රෝහල් වැඩ වර්ජනයක..වර්ජනය කරන කාලය මෙන්න..


එම ඉහල යාම 4%ක් ලෙස දැක්වේ.

කෙසේවෙතත් පසුගිය සතිවල ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල පහල යෑම හේතුවෙන් ඊට සමගාමීව මෙරට ඉන්ධන මිලෙහි සංශෝධනයක් කරනු ලැබීය.

ඒ අනුව, අප්‍රේල් 30 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අඩු කරනු ලැබුවා.

මෙහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දැමූ අතර, එහි නව මිල දැක්වුනේ, රුපියල් 368ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කරනු ලැබූ අතර, එහි නව මිල දැක්වුනේ, රුපියල් 420ක් ලෙසයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දමනු ලැබීය.

ඒ අනුව එහි නව මිල රුපියල් 333ක් වනවා.

ලංකා සුපිරි ඩීසල් රුපියල් 9කින් පහළ දැමූ අතර නව මිල රුපියල් 377ක් ලෙසයි දැක්වෙන්නේ.

අද ඔබේ දියුණුවේ රන් දොරටු විවර වන දවසක්..මේ ලග්න වලට ඉතාමත් ශුභයි..

අද ඔබේ දියුණුවේ රන් දොරටු විවර වන දවසක්..මේ ලග්න වලට ඉතාමත් ශුභයි..


එමෙන්ම භූමිතෙල් මිල රුපියල් 30කින් අඩු කරනු ලැබී ය.

ඒ අනුව, එහි නව මිල රුපියල් 215ක් ලෙසයි දැක්වෙන්නේ. කෙසේවෙතත් ලබන මාසයේ මුල් සතියේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වීමට නියමිතයි.