ප්‍රධාන පලාතක, දිස්ත්‍රික් 03ක සියලුම රෝහල් වැඩ වර්ජනයක..වර්ජනය කරන කාලය මෙන්න..
අද (16) දිනයේ දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන බව දන්වා තිබෙනවා.
ඒ උදෑසන 8.00 සිට 12.00 දක්වා පැය 4ක කාලයක් බවයි පැවසෙන්නේ.
ඒ අනුව, එම කාලය තුළ ඔවුන් සේවාවෙන් ඉවත් වී වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි පැවසෙන්නේ.
නිවේදනයක් නිකුත් කරමින් එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ, ඒ සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිතිය 72කට අයත් සාමාජිකයන් සම්බන්ධ වන බවයි.