ඉතිහාසයේ වාර්තා වන විශාලතම තෙල් සංචිත ප්‍රමාණය වෙළඳපොළට මුදා හරින්න යයි - අනාගතය ගැන ලෝකෙටම රතු එළි
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය නිසා ලෝක වෙළෙඳපොළේ ශීඝ්‍රයෙන් ඉහළ යන තෙල් මිල පාලනය කිරීමට සිය උපායමාර්ගික තෙල් සංචිත මුදා හැරීමට G7 රටවල් එකඟතාව පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව ඉතිහාසයේ වාර්තා වන විශාලතම තෙල් සංචිත ප්‍රමාණය වෙළඳපොළට මුදා හැරීමට සූදානම් වන බව වාර්තා වේ.
කෙසේ වෙතත් ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන වැදගත් මාවතක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් අපනයනය මෙම ගැටුම් නිසා සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී තිබෙනවා.
යුද උණුසුම මැද ලෝකෙම බයෙන් ඉද්දි උතුරු කොරියාව කෲස් මිසයිලයක් අත්හදා බලයි - 13 හැවිරිදි දුවත් පියා සමඟ
එය තෙල් මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුවයි. එමෙන්ම වාර්තාවලට අනුව, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය තෙල් බැරල් මිලියන 300ක් 400ක් දක්වා ප්‍රමාණයක් මුදාහැරීමට සැලසුම් කර ඇති බව සඳහන්. එය 2022 වසරේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ අවස්ථාවේ මුදා හැරි ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයක් වේ.
මේ අතර බලශක්ති විශේෂඥයන් මෙම පියවර කෙටිකාලීන විසඳුමක් පමණක් වනු ඇති බව පෙන්වා දෙයි. එසේම මෙම මුදා හැරීමට නියමිත ප්‍රමාණය ලෝකයේ දින 3ක් හෝ 4ක සමස්ත පරිභෝජනයට පමණක් සෑහෙන බව පවසයි.
කෙසේ වෙතත් විශේෂඥයන් අනතුරු අඟවන්නේ තෙල් සංචිත යනු නැවත නැවත භාවිතා කළ හැකි දෙයක් නොවන බැවින්, වරක් මුදා හැරි පසු එම සංචිත හිස් වන බවටයි.
ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙයි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය
එමෙන්ම ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් සියල්ලම අවම ලෙස දින 90කට සෑහෙන තෙල් සංචිතයක් පවත්වාගෙන යාම අනිවාර්යයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තෙල් සංචිත මුදා හැරීමේ පුවතත් සමඟ දැනට වෙළඳපොළේ මිල යම්තාක් දුරකට ස්ථාවර වී ඇති බවක් පෙනෙන්නට තිබුණද, පිරිපහදු කිරීමේ ධාරිතාව සීමිත වීම ඉදිරියේදී තවත් ගැටලුවක් විය හැකි බවයි.