ඉරානයෙන් මරණයේ නිම්නය හදයි - හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අතුරයි - ට්‍රම්ප් කිසිදා නොදුටු ප්‍රහාරයකට සූදානම්

Report

අමෙරිකානු බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝකයේ ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගය වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඉරානය විසින් නාවික බෝම්බ ඇසිරීම ආරම්භ කර ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, අමෙරිකානු මධ්‍යම බලඇණිය විසින් ඉරාන නාවික යාත්‍රා කිහිපයක් විනාශ කර ඇත.

කටාර් හෙල්ලෙයි - ඉහළ මට්ටමේ ආරක්ෂක තර්ජනයක් - ජනතාවට අනතුරු නිවේදන නිකුත් වේ

කටාර් හෙල්ලෙයි - ඉහළ මට්ටමේ ආරක්ෂක තර්ජනයක් - ජනතාවට අනතුරු නිවේදන නිකුත් වේ

ඉරානය පසුගිය දින කිහිපය තුළ සමුද්‍ර සන්ධියේ බෝම්බ කිහිපයක් අතුරා ඇති අතර, තවත් සිය ගණනක් බෝම්බ ඇසිරීමේ හැකියාව ඔවුන් සතු බව වාර්තා වේ. එමෙන්ම ඉරාන බෝම්බ නාශක යාත්‍රා ඇතුළු නෞකා 16ක් අමෙරිකානු හමුදා විසින් විනාශ කර ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ ප්‍රකාශ කර ඇත.

ලොව බොරතෙල් නිෂ්පාදනයෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම කලාපය අවහිර වීම නිසා තෙල් මිල දැඩි ලෙස උච්චාවචනය වෙමින් පවතී. එක් බැරලයක මිල ඩොලර් 80 සිට 90 දක්වා සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින බව වාර්තා වේ.

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ

දැනට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම අතිශය අවදානම් සහගත බැවින් එය "මරණයේ නිම්නය" ලෙස නිලධාරීන් හඳුන්වා දී තිබේ.

ඉරාන විප්ලවීය බලකාය (IRGC) අනතුරු අඟවා ඇත්තේ මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවයි. කුවේටය සහ ඉරාකය වැනි රටවල තෙල් නිෂ්පාදනයෙන් දිනකට බැරල් මිලියන 15ක් පමණ දැනට මෙම කලාපය තුළ සිරවී ඇති බව වාර්තා වේ.

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

තත්ත්වය පාලනය කිරීම සඳහා G7 රටවල් සිය තෙල් සංචිත වෙළඳපොළට නිකුත් කිරීමට සලකා බලමින් සිටින අතර ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය වහාම මෙම බෝම්බ ඉවත් කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් මීට පෙර කිසිදා අත්නොවිඳි ආකාරයේ දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත්ය.