ලිංගික අල්ලස් ඉල්ලූ OIC ට වුණු දේ

OIC VANATHAVILLUVA NALINDHA UPUL BRIBE
By Sewvandhi Nov 10, 2021 11:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලින්ද උපුල් පතිරත්න නැමැත්තා පසුගිය දිනක අත්අඩංගුවට ගෙන තිබුණි.

එම පැමිණිල්ල අද (10) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.ඒ අනුව, සැකකරු ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිය සැමියාගේ නීත්‍යානුකූලව වෙන් වී සිටින කාන්තාවකගේ ඉඩම් ආරවුලක් ඇයට පක්ෂපාති අයුරින් විසඳාදීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් හා ලිංගික අල්ලස් ඉල්ලූ බවට ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් එම සැකකාර පොලිස් පරික්ෂවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW