ඔක්තෝබර් 06 රට පුරා කරන්න යන දැවැන්ත වැඩක් ගැන දැනුම් දීමක්.

Sri Lanka Teachers Josap stalin October 06 Teacher's day
By Aruna Oct 03, 2021 09:14 AM GMT
Aruna

Aruna

Report

ගුරු දිනය යෙදෙන දා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 6 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

මෙම උද්ගෝෂණය කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 පදනම් කරගෙන සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

කුමන බාධක පැමිණියද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වාදෙනවා.

මේ සම්බන්ධයෙන් දක්වමින් ඔහු සඳහන් කළේ මේ වන විට වර්ජනය පටන්ගෙන දින 84ක් ගෙවී ඇති බවයි.

ගුරුවරු සහ විදුහල්පතිවරු පාසලට ගෙන්වා ගැනීමට නම් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙස ඔහු වැඩිදුරටත් අදහස් පළකරමින් ඔහු සඳහන් කළා.

මේ අතර පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල මෙම මස සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

මහරගම මාදිවෙල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ පළමුව ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ජාතික ප්‍රවාහන ආයතනයේ සේවාවන් ලබන සදුදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ පැවසුවේ සේවා ලබාගන්නා පුද්ගලයින් කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණිය යුතු බවයි.

ඒ සදහා ඕනෑම ජංගම දුරකතන ජාලයකින් අංක 223 ඇමතීමෙන්, ස්ථාර දුරකතන මගින් අංක 1225 ඇමතීමෙන් හෝ සිය වෙබ් අඩවියට පිවිසීමෙන් එක්විය හැකි බවයි ඔහු පැවසුවේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha