සාමාන්‍ය පෙළ සිසුන්ට සුබ ආරංචියක්..O/L ප්‍රතිඵල නිකුත් කරයි??

Sri Lanka Education School Examination department O/l results
By Aruna Sep 08, 2021 10:28 AM GMT
Aruna

Aruna

Report

විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යෝජනා මෙන්න පසුගිය මාර්තු මස පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව යෝජනා තුනක් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබේ.

එක් යෝජනාවක් වන්නේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකිව ඇති සෞන්දර්ය විෂයන් හැර සෙසු විෂයන්වල ප්‍රතිඵල නිකුත් කිරීමය.

දෙවැන්න නම් සෞන්දර්ය විෂයන් සඳහා පාසල් පාදක ඇගයීම් ලකුණු ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රතිඵල ලෙස සලකා ප්‍රතිඵල නිකුත් කිරීමය.

අනෙක් යෝජනාව වන්නේ සෞන්දර්ය විෂයන් සඳහා න්‍යායික ප්‍රශ්න පත්‍රයට පෙනී සිටිමින් සිසුන් ලබා ගත් ලකුණු මත පදනම්ව ප්‍රතිඵල නිකුත් කිරීමය.

මෙම යෝජනා ඉදිරිපත් කිරීමට හේතු වී ඇත්තේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වීමය.

සිසුන් හයලක්ෂයකට අධික සංඛ්‍යාවක් විභාගයට පෙනී සිටි අතර ඉන් සෞන්දර්ය විෂයයන් සඳහා පෙනී සිට ඇති සංඛ්‍යාව එක්ලක්ෂ හැටනව දහසක් පමණ වෙයි.

ඉහත යෝජනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් තීරණයක් ගෙන නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha