සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම් දීමක්.

Education School Exam department A/l Exam
By Aruna Sep 26, 2021 05:55 AM GMT
Aruna

Aruna

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු රට යළි විවෘත කළ වහාම සිදුකිරීමට තීරණය කර තිබේ.

එම විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් කෙරුණු අතර එහි නැවත සමීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මේ දක්වාත් විභාග දෙපාර්තමේන්තුව නිශ්චිත තොරතුරු ප්‍රකාශයට පත්කර නොමැත.

කෙසේවෙතත් දැනට පවතින සංචරණ සීමා හේතුවෙන් ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු සිදුකිරීමේ අපහසුතා පවතින අතර රට යළි විවෘත කළ වහාම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මේ අතර ප්‍රතිඵල පාසල් වෙත යැවීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව සඳහන් කරයි.

ඉදිරි දින කිහිපයේ දී තැපැල් මගින් ප්‍රතිඵල ලේඛණ පාසල් වෙත ලැබෙනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

එසේ නොමැති වුව ද විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඉදිරියේ දී තමාගේ ප්‍රතිඵල ලේඛණය භාගත කිරීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha