O/L සමත් සිසුන්ට විශේෂ දැනුම් දීමක්..

Education O/l exam A/l exam Exam department O/l students
By Aruna Sep 24, 2021 02:35 AM GMT
Aruna

Aruna

Report

මෙවර සාමාන්‍යපෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණද සෞන්දර්ය විශයන්හි ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුවී නැහැ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සෞන්දර්ය විශයන්හි ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වූ බැවින් එම විශයන්හි ප්‍රතිඵල හැර සෙසු විශයන්හි ප්‍රතිඵල නිකුත් කළ බවයි.

ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුකර නැත්තේ සංගීතය - පෙරදිග, අපරදිග හා කර්නාටක, නැටුම් - දේශීය හා භරත මෙන්ම සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යන්හි නාට්‍ය හා රංග කළාව යන විශයන්.

ඒ අනුව එම සෞන්දර්ය විශයන්හි ප්‍රායෝගික පරීක්ෂණවලට මුහුණදීමට නියමිත සිසුන්ට උසස් පෙළ හැදෑරීමට මින් බාධාවක් සිදුවන්නේද ?

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතගෙන් ඒ පිළිබඳව විමසීමක් කළා.

ඔහු පැවසුවේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහිත විශයන්හි ප්‍රතිඵල තීරණය කර නොමැති සිසුන්ට උසස් පෙළ පන්තිවලට ඇතුලත්වීමට අවශ්‍ය අවම සුදුසුකම් සහිත විශේෂිත චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බවයි.

අනෙකුක් විශයන් සඳහා මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ සහිත සෞන්දර්ය විශයන් සඳහා ද පාසැල් පාදක තක්සේරු මට්ටම ප්‍රතිඵල ලේඛණයේ සටහන් කිරීම සිදු කෙරෙනවා.

ඒ අනුව එම සෞන්දර්ය විශයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පාසැල් විවෘත කිරීමෙන් අනතුරුව පවත්වා නැවත එම සිසුන් සඳහා පමණක් ප්‍රතිඵල ලේඛණ නිකුත් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරටත් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha