වහාම ක්‍රියාත්මක වන පරිදි O/L ලියූ සිසුන් පිරිසකගේ ප්‍රතිඵල අත්හිටුවයි.
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් අයදුම්කරුවන් 207 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
විභාග අක්‍රමිකතා චෝදනා මත මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අතර නියම අයදුම්කරු වෙනුවට වෙනත් පුද්ගලයන් විභාගයට පෙනී සිටි අවස්ථා හයක් ද වනවා.
මීට අමතරව අත්අකුරු වෙනස් වීම්, පිළිතුරු පත්‍ර හුවමාරු වීම්, ජංගම දුරකථන ළඟ තබා ගැනීම් සහ පිළිතුරු සමාන වීම් ද ප්‍රතිඵල අත්හිටුවීමට හේතු වී තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 4,174ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ අතර ඒ පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසු ඒ අතරින් 3,967කගේ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
චෝදනා ලබා සිටින අයදුම්කරුවන් සම්බන්ධයෙන් වෙනම විමර්ශන පවත්වා ඉදිරි පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවා.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
