O/L ප‍්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ (2020) ප‍්‍රතිඵල සති දෙකකින් පමණ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව වාර්තා වනවා.
මෙම විභාගයට සිසුන් 622,000ක් පමණ පෙනී සිටි අතර නැටුම්, සංගීතය, චිත‍්‍ර ඇතුළු ප‍්‍රායෝගික විෂයන්ට අදාළව පරීක්ෂණ නොපැවැත්වීම නිසා මේ වනවිටප‍්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.
මේ වනවිට අනෙකුත් විෂයන් 08ට අදාළව ප‍්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාව විභාග දෙපාර්තමේන්තුව සතුව පවතින අතර ප‍්‍රායෝගික විෂය නොමැතිව ප‍්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද සාකච්ජා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කර නොමැති වුවත් විභාගයට පෙනීසිටි දරුවන් රැසක් මේ වනවිට උසස් පෙළ විෂයන් හැදෑරීම සඳහා උපකාරක පංතිවලට ඔන්ලයින් ඔස්සේ සහභාගි වන බවට ද විභාග දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබෙන නිසාවෙන් මෙම තීරණයට එළඹ තිබෙනවා.
මේ අතර පාසලක් වැසීම යනු සංස්කෘතියක නිමාවක් විමට හේතුවන බවත්, වසංගතයක් හමුවේ දීර්ඝ කාලයක් පාසල් විවෘත නොකිරීම නිසා එය එසේ සිදු වීමට ඉඩ නොතැබිය යුතු බව ද, දරුවන් නැවත පාසල්වලට කැඳවීම උදෙසා වූ රජයේ න්‍යාය පත්‍රය අනුව ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.
ඒ අනුව, දැනටමත් ආණ්ඩුව ප්‍රතිපත්තිමය තිරණයක් ගෙන තිබෙන බවත්, මෙම සතියේ දී මෙරට අබාධ සහිත දූදරුවන්ට එන්නත් ලබා දීමට කටයුතු කරන බවත්, වයස අවුරුදු 15-19 ත් අතර වයස් ඛාණ්ඩයේ සිටින උසස් පෙළ, සාමාන්‍ය පෙළ දරුවන් ඉලක්ක කරගත් ෆයිසර් එන්නත ලබා දීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්, සඳහන් කළ ඩලස් අලහප්පෙරුම මහතා, මෙරට දූ දරුවන් නැවත පාසල් වලට යන දිනය ඉතාමත් කඩිනමින් ළඟා වෙනු ඇතැයි යන්න පිළිබඳව රජය ධනාත්මක සිතුවිල්ලක සිටින බව ද කියා සිටියේය.
මේ වන විට සෞඛ්‍ය අංශ වල පෙන්වා ඇති දත්ත වලට අනුව, කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාත්මක පහළ බැසීමක් දක්නට ලැබෙන අතරම මරණ සංඛ්‍යාව ද පහත බැසීමක් දක්නට ලැබීම ක්‍රමක්‍රමයෙන් දක්නට ලැබෙන හෙයින් මෙරටින් වසංගත තත්ත්වය දුරුවෙමින් පවතින බව නොරහසක් බවත්, දැනට වසර එකහමාරකට වැඩි කලක් මෙරට අධ්‍යාපනය ලබන දරුවන් නිවෙස් වලට වී සිටීම සිදු වීම නිසා කොවිඩ් හේතුවෙන් බරපතලම හානිය වී ඇත්තේ මෙරට දරුවන්ට බවත්, රජයක් ලෙස මෙම තත්ත්වය තේරුම් ගෙන ඉහත වයස් ඛාණ්ඩ වල දරුවන්ට එන්නත් කඩිනමින් සිදු කරමින් සිටින බව ද හෙතෙම කියා සිටියේය.
එමෙන්ම, මෙරට දරුවන්ගේ අධ්‍යාපනය කිසිලෙසක ඛණ්ඩනය නොවී පවත්වාගෙන යාමට දරුවන් වෙනුවෙන් රජය විසින් තවදුරටත් කැප වී කටයුතු කරන බවත්, දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව වඩාත් සංවේදීව කටයුතු කරන ලෙස සියලු වෘත්තීය සමිති වලට ඉතාම ගෞරවයෙන්, කාරුණිකව ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
