උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට සතුටුදායක ආරංචියක්..ලබන මාසයේ කරන්න යන දේ මෙන්න..

Report

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂා මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට ලබන මස පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම්දෙනු ලබනවා.

ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවයි සඳහන් වන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ටද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බවයි.