ශ්රීලන්කන් ගුවන් සේවයෙන් හදිසි අනතුරු ඇඟවීමක් - මේ විදියේ Scam ඒවට අහුවෙන්න එපා! වංචාකරුවන්ගේ අලුත්ම වැඩේ මෙන්න
මේ වනවිට ශ්රීලන්කන් ගුවන් සේවයේ නාමය භාවිත කරමින් සිදුකරනු ලබන වංචනික ක්රියාකාරකම්වලට හසු නොවන ලෙස එම ගුවන් සේවය මහජනතාවට දැනුම් දී ඇත.
ශ්රී ලන්කන් ගුවන් සේවය ඉල්ලා සිටින්නේ එම නාමයෙන් පෙනී සිටින ව්යාජ ජංගම යෙදුම් සහ සමාජ මාධ්ය ගිණුම් හරහා සිදුවිය හැකි මූල්ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි .
තවද WhatsApp ඇතුළු සමාජ මාධ්ය ඔස්සේ පළ කෙරෙන සැකසහිත දැන්වීම් සහ පණිවිඩවල සඳහන් සබැඳි හරහා ගෙවීම් සිදුකිරීමෙන් වළකින ලෙස ගුවන් සේවය අවධාරණය කර තිබේ .
ඒවගේම OTP අංක, බැංකු කාඩ්පත්වල PIN අංක සහ අනෙකුත් රහස්ය තොරතුරු කිසිදු පුද්ගලයෙකු සමඟ හුවමාරු කර නොගන්නා ලෙස ද දැනුවත් කිරීමක් කර ඇත .
ශ්රීලන්කන් ගුවන් සේවයේ නිල ජංගම යෙදුම බාගත කර ගැනීමේදී Apple App Store හෝ Google Play Store වැනි නිල යෙදුම් පමණක් භාවිත කරන ලෙසයි
ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේදී හෝ වෙනත් ගනුදෙනු සිදුකිරීමේදී ශ්රීලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට පිවිසීම හෝ නිල පාරිභෝගික සේවා මාර්ග ඔස්සේ තොරතුරු තහවුරු කර ගැනීම සුදුසු බව ද එහි දක්වා ඇත.
එම ගුවන් සේවය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වෙබ් අඩවි සහ සමාජ මාධ්ය ගිණුම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි