ජංගම දුරකථනය උදුරාගෙන පිරිසක් මැද අසරණ වූ සොරා - (VIDEO)
Nuwara Eliya
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
සති 1 කට පෙර
මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියකගේ ජංගම දුරකථනය උදුරාගෙන පළායමින් සිටි පුද්ගලයෙකුව අල්ලාගැනීමට අවට සිටි පිරිස් සමත්වී තිබුණි. සැකකරු 27 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු තරුණියගේ ජංගම දුරකථනය උදුරාගැනීමත් සමග ඇය කෑගසමින් උදව් ඉල්ලා තිබේ.
ඒ අනුව අවට සිටි පිරිස් සැකකරුව අල්ලාගැනීමට සමත්වූ අතර පසුව ඔහුව පොලීසියට භාරදී තිබුණි. නුවරඑළිය බස් නැවතුම්පොළ පිටුපස පිහිටි උද්‍යාන මාර්ගයේදී අද දහවල් මෙම සිද්ධිය සිදුවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය කලුකැලේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
