සීතල නුවරඑළිය රත් කරමින් නගර මධ්‍යයේ හෝටලයක විශාල ගින්නක්..!
By Sewvandhi
අද දහවල් නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි හෝටලයක ගින්නක් හටගෙන තිබේ.
නුවරඑළිය මහ නගරසභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
පොලීසිය සැකපළ කරන්නේ, ගෑස් කාන්දුවක් හේතුවෙන් හෝටලයේ මුළුතැන්ගෙය තුළ ගින්න හටගෙන ඇති බවටයි.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර දේපොළ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.
නුවරඑළිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.