ප්‍රධාන මාර්ගයකට විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා (PHOTOS)
NUWARA ELIYA
HEAVY RAIN
HATTON
LANDSLIDE
By Sewvandhi
නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය බ්ලැක්පුල් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට (08) දින පස්වරු 3.30 ට පමණ විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පවසනවා.
නුවරඑලිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට පස් කන්ද කඩා වැටුණු බවත්, නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කොටසින් කොටස ඉවත් කර රථ වාහන ගමනා ගමනයට එක් මංතිරුවක් විවෘත කල බව සහකාර අධ්‍යක්ෂකවරයා පවසනවා.
ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




