හෙද සංගමයෙන් යළිත් රතු එළි
covid19
warning
strike
nurses
saman rathnapriya
By Sewvandhi
හෙද සේවාවේ පවතින ගැටලුවලට හෙට (ජුනි 30) දිනයට පෙර විසදුම් ලබානොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.
හෙද සේවාවට බලපාන සේවා ගැටළු සහ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග දිගින් දිගටම සාකච්ඡා කළද ඊට මෙතෙක් සාර්ථක විසදුමක් ලැබී නොමැති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
රජය සමඟ හා සෞඛ්‍ය අශයේ ප්‍රධානින් සමඟ සාකච්ජා කළද හෙද නිලධාරින්ගේ ගැටලු වලට විසදුම් නොලැබුණු බවත්, විශේෂයෙන් හෙද නිලධරින්ගේ උසස් විම් සම්බන්ධයෙන් මෙතෙක් විසදුමක් නොලැබී යාම හේතුවෙන් මෙම තිරණය ගන්නා බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සදහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |