හෙද වෘත්තීය සමිති වර්ජනයක
විශේෂිත රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල අද (01) සහ හෙට (02) වැඩ වර්ජනයක නිරත වීමට හෙද වෘත්තීය සමිති තීරණය කර තිබේ.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ කොරෝනා රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම විශේෂිත රෝහල්වල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බවයි. හදිසි හා අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළා.
සමස්ත ලංකා හෙද සංගමයද අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. එසේම, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කළේ හෙද සේවාවේ ගැටලු සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවලදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
කෙසේ වෙතත්, හෙද සංගම්වල වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |