සජබ ලොක්කෙකුට ආණ්ඩුවෙන් උදව්? සැකයක්මතු වෙලා...

Report

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් සියලු දෙනාටම පාහේ ආණ්ඩුව පාර්ශවයෙන් විවිධාකාරයේ චෝදනා එල්ල වෙමින් තිබියදී, සජබ ජ්‍යෙෂ්ඨ නායකයකු සම්බන්ධයෙන් කිසිඳු අකාරයේ විරෝධයක් එල්ල නොවීම එම පක්ෂයේ ඇතැම් තරුණ මන්ත්‍රීවරුන්ගේ සැකයට හේතු වී ඇතැයි පැවසේ.

අද මේ ලග්න 05ට අයත් අය ඉතා විමසිල්ලෙන් වැඩ කරන්න. නැතිනම් වෙන්න යන දේ මෙන්න

අද මේ ලග්න 05ට අයත් අය ඉතා විමසිල්ලෙන් වැඩ කරන්න. නැතිනම් වෙන්න යන දේ මෙන්න

පසුගිය සමයේ දේශපාලන අනුග්‍රහය මත ඉන්ධන පිරවුම් හල් ලබාගෙන ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ම ආණ්ඩුවේ පාර්ශවයෙන් චෝදනා එල්ල වෙද්දී, එවැනි ඉන්ධන පිරවුම් හල් දෙක තුනක්ම පවත්වාගෙන යන සජබ ජ්‍යෙෂ්ඨයකු සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් කිසිඳු අකාරයේ විරෝධයක් මතු නොවීම ද එම සැකයට හේතුවී ඇතැයි ද පැවසේ.

පසුගිය ආණ්ඩුව සමයේදී දේශපාලන අනුග්‍රහයෙන් ඉන්ධන පිරවුම් හල් ලබාගෙන ඇතැයි ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා සහ කිංස්ලි නෙල්සන් යන සජබ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව පාර්ශවයෙන් පසුගියදා චෝදනා එල්ල වී තිබිණ.

අඹුසැමි යුවලගේ මුදල්, කාර් රථය සහ රණ් ආභරණ කොල්ල කෑ සැකකරුවන් පොලිස් දැලේ

අඹුසැමි යුවලගේ මුදල්, කාර් රථය සහ රණ් ආභරණ කොල්ල කෑ සැකකරුවන් පොලිස් දැලේ

ඒ අනුව එම මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් ද සිදුකර තිබිණ. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සජබ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසා තිබුනේ, තම පවුලට ඉන්ධන පිරවුම් හලක් ලැබී ඇත්තේ තමාගේ සීයාගේ කාලයේදී බවයි.

ඒ අතර හර්ෂණ රාජකරුණා පවසා තිබුනේ ද සිය පවුලට හිමි ඉන්දන පිරවුම්හල තමාගේ පියා විවාහ වීමටත් පෙර සියා සතුව පැවති බවකි.

මෙවැනි චෝදනා පාර්ලිමේන්තුවෙන් පිට ප්‍රකාශ කළහොත් නිත්‍යානුකුලව කටයුතු කරන බවටද ඔහු අවධාරණය කර තිබිණ.

එසේම කිංස්ලි නෙල්සන් මන්ත්‍රීවරයා පවසා තිබුනේ තමාට ඔය කියන ඉන්දන පිරවුම් හලක් නොමැතිබව පොළොන්නරුවේ අයකු වන කතානායක වරයා ද හොඳින්ම දන්නා කාරණයක් බවයි.