කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංගයට අත්සන් තබයි
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම අද (08) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකෙරිණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.