ඔක්තෝබර් 07 සිට 18 දක්වා මේ දුම්රිය මඟීන්ට විශේෂ නිවේදනයක්
උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව ඕමන්ත අතර දුම්රිය මාර්ග කොටසෙහි සිදු කරන අත්‍යාවශ්‍ය නඩන්තු කටයුත්තක් නිසා යාල්දේවී දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අඳාළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම මස 07 වැනිදා සිට 18 වැනිදා දක්වා කාලය තුළ දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවයි.
එනිසා කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන යාල් දේවී ශිඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුවෙන් නියමිත වෙලාවට (පෙ.ව.06.40 ට) ගමන ආරම්භ කර වව්නියාව (වව්නියාවට ලඟා වීම - පෙ.ව. 11.35) දක්වා නියමිත පරිදි ධාවනය වී පැය 02යි මිනිත්තු 40ක කාලයක් වව්නියාව දුම්රිය ස්ථානයේ නවත්වා තබා වව්නියාව දුම්රිය ස්ථානයෙන් ප.ව.02.15ට කන්කසන්තුරය දක්වා ධාවනය කිරීමට නියමිතව ඇති බව සඳහන්.
එසේම මීට අමතරව කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන යාල් දේවී ශිඝ්‍රගාමී දුම්රිය කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් මිනිත්තු 30ක කාලයක් ප්‍රමාද වී පෙව.11.00ට ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව ද සඳහන්.
ඒ අනූව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන යාල් දේවී ශිඝ්‍රගාමී දුම්රියේ (අංක 4077 දුම්රිය), වව්නියාවෙන් ඔබ්බට කන්කසන්තුරය දක්වා කලින් ආසන වෙන් කරවා ගත් මගීන්ට වව්නියාව දුම්රිය ස්ථානයේ දුම්රිය පැය දෙකකට වඩා වැඩි කාලයක් නවත්වා තබා ධාවනය කිරීම හේතුවෙන් තම වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීමට අවශ්‍ය නම්, ප්‍රවේශ පත්‍ර අවලංගු කර සම්පුර්ණ මුදල ආපසු ලබා ගැනීමේ පහසුකම ආසන වෙන් කිරීමේ පහසුකම් ඇති දුම්රිය ස්ථාන ඔස්සේ සිදු කළ හැකි බව දැනුම් දී ඇත.