ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ පුද්ගලයෙක්ට වැඩ වරදී
ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පානදුර , ගොරකපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ පිළිබද ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයාව 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත් අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.