ආපදාවට ලක්වූවන්ට ලබාදෙන මූල්‍යමය පරිත්‍යාගයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ අමාත්‍යාංශ සෘජුව වගකීම දරනු ලබන්නේ රජය විසින් හඳුන්වා දුන් එම ගිණුම් සඳහා යොමු කරන මූල්‍යමය පරිත්‍යාග සඳහා පමණක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
එම නිවේදනයේ තවදුරටත් සදහන් වෙන්නේ මූල්‍යමය ආධාර භාර ගන්නා වෙනත් සංගමයක හෝ පුද්ගලයකුගේ ගිණුම් අංක සඳහා තම අමාත්‍යාංශය එකඟතාවක් හෝ අනුමැතියක් ලබා දී නොමැති බවයි .
ඒ වගේම මූල්‍යමය පරිත්‍යාගවල වගකීම අදාළ සංගම් හෝ පුද්ගලයන් විසින් දරනු ලබන බව එහි සදහන්ය.
අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ අසීරු අවස්ථාවේ ජනතාව විසින් සිදු කරන දායකත්වය අගය කරන අතර සිසුන් වෙනුවෙන් සිදු කරන මූල්‍යමය පරිත්‍යාගවලදී එහි වගකීම් සහගත බව පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි.
තවද රටේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආපදාවට ලක්ව පීඩාවට පත් සිසු දරුවන්ට උපකාර කිරීම සඳහා මේ වන විට රටේ බොහෝ පිරිස් සහ සංවිධාන තම නොමසුරු දායකත්වය කඩිනමින් ලබා දෙන බවත් දායකත්වය ලබා දෙන දෙස්-විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය ආධාර භාර ගැනීමට රජය විසින් ගිණුම් අංක කිහිපයක් ද හදුන්වා දී ඇති බවත් එහි වැඩිදුරටත් සදහන්ව තිබේ.