පොදු ප්‍රවාහනයේ යන සියලු දෙනාට අතිශය වැදගත් පණිවුඩයක්..මේ ගැන අනිවාර්යෙන් දැනුවත් වන්න.

Report

පොදු ප්‍රවා­හන සේවයේ ගමන් ගන්නා ඔබ සෑම විටම ගොඩක් විමසිලිමත්ව කටයුතු කිරීම අතිශය වැදගත්.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් වෙනස් විදිහේ ඔබටත් සිදුවිය හැකි අමුතුම කතාවක් ගැනයි.

උපුටා ගැනීමක්:

පොදු ප්‍රවා­හන සේවයේ ගමන් ගන්නා මගීන් සමඟ මිතුරු වී නිද්‍රා­ශීලි ඖෂධ එන්නත් කර ඇති විෂ පල­තුරු කෑම­ටදී මගීන්ගේ වටිනා භාණ්ඩ සොරා ගන්නා කල්ලි­යක් පිළිබඳ වාර්තා වෙනවා.

ඒ කොළඹ සහ ඒ අවට ප්‍රදේ­ශ­වල සැරි­ස­රන බවටයි.

අද සිට එක දිගට දින 03ක් දිස්ත්‍රික් 04ක කරන්න යන දේ මෙන්න..ආගමික ස්ථාන, පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානයි.

අද සිට එක දිගට දින 03ක් දිස්ත්‍රික් 04ක කරන්න යන දේ මෙන්න..ආගමික ස්ථාන, පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානයි.


ආස­න්නම සිදු­වීම ලෙස වාර්තා වන්නේ පසු­ගිය 21 වැනිදා පොලො­න්න­රුව ප්‍රදේ­ශයේ සිට නුගේ­ගොඩ දෙල්කඳ හංදියේ පිහිටි රාජ්‍ය ආය­ත­න­ය­කට පැමිණි 52 හැවි­රිදි වියේ පමණ පසු­වන පුද්ග­ල­යකු මුහු­ණ­දුන් අන­පේ­ක්ෂිත සිද්ධි­යයි.

දෙල්කඳ හංදියේ පිහිටි කාර්‍යා­ල­ය­කට රාජ­කාරි කට­යු­ත්තක් සඳහා පැමිණි ඔහු ආපසු කොළඹ බලා යාමට මාර්ග අංක 138 බස් රථ­ය­කට ගොඩවී එක් මගි­යකු පම­ණක් සිටි අසු­නක අනෙක් පස අසුනේ ඉඳ­ගෙන මුදල් පසු­ම්බිය ගෙන කොළඹ පිට­කො­ටුව දක්වා ටික­ට්ප­තක්ද ගෙන ඇත.

තමාට වම්පස අසුනේ සිටි මගියා ඇපල් ගෙඩි­යක් කමින් සිටි අයු­රුද ඔහු දැක ඇති අතර ආග­න්තුක මිත්‍රයා මිත්‍ර­ශීලී සිනා­වක් පාමින් ඇපල් කෑල්ලක් කමු­දැයි අස­මින් ඔහුට ඇපල් තීරු­වක් දී ඔහු එය කන තෙක් ඔහු සමඟ විස්තර කතා කර­මින් එකම අසුනේ ගමන් කර ඇත.

මඳ වේලා­ව­කට පසුව කොන්දො­ස්තර මහතා පිට­කො­ටුව බහින්න යන ගෝර­නා­ඩුව ඇසී තද නින්දක සිටි මගියා නින්දෙන් ඇහැරී පිට­කො­ටු­වෙන් බැස බලද්දී තමාගේ වටිනා ජංගම දුර­ක­ත­නය සහ කලි­සම් සාක්කුවේ තිබූ රුපි­යල් දොළො­ස්ද­හ­ස­කට වැඩි මුදල් සහිත මුදල් පසු­ම්බි­යද කලි­සම් සාක්කුව සීරු­වෙන් කපා පැහැ­ර­ගෙන ඇති බව වට­හා­ගෙන ඇත.

ඉන් පසුව කල්පනා කළ ඔහුට සිදුවූ අක­ර­තැ­බ්බය පිළි­බ­ඳව වැටහී ඇත.

ලංකාවට ප්‍රහාරයක් එල්ලවීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි..පළමු පණිවුඩය ලැබුණ හැටිත් හෙළිවේ.

ලංකාවට ප්‍රහාරයක් එල්ලවීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි..පළමු පණිවුඩය ලැබුණ හැටිත් හෙළිවේ.


ආග­න්තු­කයා තමාට ඉතාම ළෙන්ග­තුව පරි­ත්‍යාග කළ උග්‍ර විෂ සහිත ඇපල් කෑල්ල කෑ තමන් තද නින්ද­කට වැටුණු පසු ආග­න්තුක මංකො­ල්ල­කරු තමා හැඳ සිටි කලි­සමේ සාක්කුව සීරු­වෙන් කපා මුදල් පසු­ම්බිය සහ ජංගම දුර­ක­ත­නය රැගෙන බස­යෙන් බැස ගොස් ඇති බව සිහි­පත් වී ඇත.

ඒ මොහොත වන විට සැක­කරු පලා­ගොස් බොහෝ වේලා­වක් ගතව තිබූ බැවින් නීතියේ පිහිට නොපැතූ බව සිද්ධි­යට මුහු­ණ­දුන් පුද්ග­ලයා පසු­දින නැවත දෙල්කඳ ප්‍රදේ­ශයේ කාර්යා­ලය වෙත ගොස් තමන් මුහු­ණපෑ සිද්ධිය එහි නිල­ධා­රීන්ට පවසා ඇත.

කෙසේ වෙතත්, අත­ර­ම­ඟදී මිතුරු වන ආග­න්තු­ක­යන් දෙන ආහා­ර­පාන පල­තුරු මෙන්ම කෙටි සහ පැණි රස ආහාර හා පැණි­බීම කෑමට හෝ බීමට නොගන්නා ලෙස පොදු ප්‍රවා­හන සේවයේ ගමන් කරන මගී ජන­තාව සහ පාසල් දරු­වන් දැනු­ම්වත් කර­න්නැයි ගැට­ලු­වට මුහු­ණපෑ පොලො­න්න­රුවේ සිට පැමිණි තැනැත්තා ඉල්ලී­මක් ද කර තිබුණා.

මුළු රටම බියවද්දමින් ප්‍රහාරයක් සැලසුම් කළ දෙදෙනෙක් අද අල්ලයි..මේ ගැන විමසිල්ලෙන් ඉන්න.

මුළු රටම බියවද්දමින් ප්‍රහාරයක් සැලසුම් කළ දෙදෙනෙක් අද අල්ලයි..මේ ගැන විමසිල්ලෙන් ඉන්න.


එසේම පොලි­සි­යට පැමි­ණිලි කර නොමැති මෙවැනි සිදු­වීම් කිහි­ප­යක් පසු­ගිය කාලයේ බස් සහ දුම්රිය මගී­න්ගෙන් අස­න්නට ලැබූ අතර පොලි­සියේ විශේෂ අව­ධා­නය සිවිල් ජන­තා­වගේ ආර­ක්ෂාව වෙනු­වෙන් යොද­වන ලෙසත් සිවිල් ඇඳු­මින් සැර­සුණු පොලිස් නිල­ධා­රීන් යොද­ව­මින් ගැට­ක­ප­න්නන් අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙසත් මහ­ජ­න­තාව ආර­ක්ෂක අංශ­ව­ලින් ඉල්ලී­මක් කර සිටිනවා.

ප්‍රධාන පුවත්පතක් ඇසුරෙන් උපුටා ගැනීමක්...