ලංකාවට ප්‍රහාරයක් එල්ලවීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි..පළමු පණිවුඩය ලැබුණ හැටිත් හෙළිවේ.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Israel-Hamas War
By Aruna Oct 24, 2024 03:35 AM GMT
Aruna

Aruna

Report

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මීට දින 14කට පෙර තොරතුරු ලැබී තිබූ බවටයි වාර්තා වී ඇත්තේ.

ඒ අනුව පසුගිය 10 වනදා වන විටද ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ වෙත අදාළ ත්‍රස්ත්‍ර ප්‍රහාර අවදානම පිළිබඳ තොරතුරු ලැබී තිබූ බවයි පැවසෙන්නේ.

ඒ අනුව ඉකුත් 12වනදා සිටම ආරක්‍ෂක අංශ ඊට අදාළ පියවර ගෙන තිබූ බවයි ආරක්ෂක අංශ අනාවරණ කර ඇත්තේ.

මුළු රටම බියවද්දමින් ප්‍රහාරයක් සැලසුම් කළ දෙදෙනෙක් අද අල්ලයි..මේ ගැන විමසිල්ලෙන් ඉන්න.

මුළු රටම බියවද්දමින් ප්‍රහාරයක් සැලසුම් කළ දෙදෙනෙක් අද අල්ලයි..මේ ගැන විමසිල්ලෙන් ඉන්න.


ඒ අනුව ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්‍ෂාවට අතිරේක ආරක්‍ෂක අංශ සාමාජිකයින් 500කට වැඩි පිරිසක් යෙදවීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා යුද හමුදාව, නාවික හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමටයි කටයුතු කර ඇත්තේ.

මාර්ග බාධක 12ක්ද යොදා රථවාහන පරික්ෂා කිරීම ද සිදු කර ඇත.

මෙම ප්‍රහාර සැලැස්මේ ඉලක්කය වී තිබී ඇත්තේ ඊශ්‍රායල් ජාතිකයින් බවත්, කිසියම් අන්තවාදී කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පසුගිය දින කිහිපයේම හමාස් සංවිධානයේ නායකයින් ඝාතනය වීමය.

ඒ අතරට හමාස් සංවිධානයේ නායක හසන් නසරල්ලාද අයත් වීම විශේෂත්වයක්.

ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට සැලසුම් කර තිබූ බවටයි මේ වන විට වාර්තා වන්නේ.

අද පාසල් නිවාඩුවක් ගැන ආරංචියක්..හැබැයි වැඩේ වෙන්නෙ මෙහෙමයිලු..

අද පාසල් නිවාඩුවක් ගැන ආරංචියක්..හැබැයි වැඩේ වෙන්නෙ මෙහෙමයිලු..


සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත ලොව වැඩිම සංචාරක ආකර්ෂණය දිනූ කලාපයක් ලෙසයි අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ආරුගම්බේ හදුන්වනු ලබන්නේ.

එම සංචාරකයින් අතර ඊශ්‍රායල් ජාතිකයින්ද බහුල අතර, පසුගිය දිනවලද ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල් ජාතිකයින් වැඩි වශයෙන් සිට තිබේ.

මෙලෙස පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයින් සිය ආගමික වතාවත් සිදු කිරීම සඳහා වෙනම ස්ථාන පවා ඉදිකරගෙන තිබූ බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඒ අනුව නිවෙස් කුලියට ගෙන එවැනි ස්ථාන තුනක් පවත්වාගෙන ගොස් ඇති බවට මේ වන විට තොරතුරු හෙළි වී ඇත.

මෙම ස්ථාන පිහිටා ඇත්තේ ආරුගම්බේ, ඇල්ල සහ කොළඹයි. ඒ අනුව ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු තහවුරු කළේ, ආරුගම්බේ ප්‍රදේශයට අමතරව ඇල්ල සංචාරක ප්‍රදේශයටද අවදානමක් තිබූ බවටද ආරක්‍ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබූ බවයි.

ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..

ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..


මේ අතර ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ විසින් ද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවට ද වාර්තා වේ.

අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවටයි, ඉන්දීය බුද්ධි අංශ පවසා ඇති බවට වාර්තා වන්නේ.

ඒ සඳහා ශ්‍රී ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් දන්වා ඇතැයි සඳහන් වන අතර, ප්‍රහාරය සඳහා ඔවුන් දෙදෙනාට මුදල් දී ඇති බවටද තොරතුරු වාර්තා පළ වෙයි.