ශ්‍රීපාද වන්දනාවේ යන වන්දනාකරුවන්ට විශේෂ දැනුම්දීමක්
2025 වසරේ සිට ශ්‍රීපාද වන්දනා සමය තුළ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මේ අනුව, ශ්‍රීපාද අධි සංවේදී කලාපය තුළ වන්දනාකරුවන් සහ සංචාරකයින් විසින් භාවිතා කරන පොලිතින් සහ ප්ලාස්ටික් ආවරණ සහිත භාණ්ඩ සම්පූර්ණයෙන් තහනම් වන අතර, තනි-භාවිත ආහාර බහාලුම්, බීම බට, ලන්ච් ෂීට් ආදිය, කලතන, පිඟන්කෝප්ප, හැඳි, ගෑරුප්පු වැනි භාණ්ඩ ප්‍රදේශයට රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
එමෙන්ම, ලීටරයට අඩු තනි-භාවිත ජල බෝතල්, බීම බෝතල්, ඖෂධ සහ වෙනත් භාණ්ඩ, පාරිසරික අධි සංවේදී කලාපයට බැහැර කිරීම තහනම් කර ඇති අතර, එම කලාපයේ ව්‍යාපාරික ස්ථාන විසින් අලෙවි කරන භාණ්ඩයන්ගෙන් නිකුත් වන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වගකීම වෙළෙඳසල් හිමියන්ට පැවරේ.
තවද, ජල උල්පත් සහ ජල මාර්ග අපවිත්‍ර කිරීම, පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් වන අතර, අලෙවිසල් ඉදිකිරීමේදී සහ පවත්වාගෙන යාමේදී ඒකරාශී වූ පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස එකතු කර නගර සභා හෝ ප්‍රාදේශීය සභා හරහා බැහැර කිරීමේ වගකීම අදාළ අලෙවිසල් හිමියන්ට පැවරේ.
මේ පියවරයන් සියල්ල ශ්‍රීපාද වන්දනා සමය තුළ පරිසර ආරක්ෂාව සහ පිරිසිදු බව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.
ඒ අනුව, ශ්‍රීපාද අඩවිය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත මඟින් ආවරණය වන අධිසංවේදී කලාපයක් වන අතර, එම ප්‍රදේශය තුළ කසල කළමනාකරණය කාලීන අවශ්‍යතාවයක් ව පවතී. ඒ අනුව, ශ්‍රීපාද වන්දනා සමය තුළ ඒම ප්‍රදේශයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ,
* මේ වන විටත් තහනමට ලක් කර ඇති පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන (ලන්ච් ෂීට් ආදිය), අධි ඝනත්වයෙන් යුත් පොලිඑතිලීන් මඟින් නිෂ්පාදිත බහාලුම් (සිලිසිලි මලු), සැෂේ පැකට්, ප්‍රසාරිත පොලිස්ටයිරින්වලින් නිෂ්පාදිත තනි-භාවිත ආහාර බහාලුම්, තනි-භාවිත බීම බට, කලතන, තනි-භාවිත පිඟන්කෝප්ප, හැඳි, ගෑරුප්පු හා පිහි මෙම ප්‍රදේශය තුළ විකිණීම හෝ වන්දනාකරුවන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කිරීම.
* ලීටරයට අඩු තනි-භාවිත ප්ලාස්ටික් ජල බෝතල් හා බීම බෝතල් රැගෙන යාම තහනම් කිරීම.
* පොලිතින් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාරපාන, ඖෂධ හෝ අනෙකුත් බඩුභාණ්ඩ කිසිවක් පාරිසරික අධිසංවේදී කලාපය තුළ බැහැර කිරීම තහනම් කිරීම.
* පාරිසරික අධිසංවේදී කලාපය තුළ ඇති ව්‍යාපාරික ස්ථාන විසින් අලෙවි කරන ප්ලාස්ටික් ආවරණ සහිත ආහාරපාන හෝ වෙනත් වෙළෙඳ භාණ්ඩ අලෙවියෙන් පසු ජනනය වන අපඅද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වගකීම අදාළ වෙළෙඳසල් හිමියන් වෙත පැවරීම.
* ජල උල්පත් හා ජල මාර්ග අපවිත්‍ර කිරීම සහ එම ස්ථානවලට පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කිරීම.
* අලෙවිසල් ඉදිකිරීමේදී සහ පවත්වාගෙන යාමේදී ඒකරාශී වන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස එකතු කර ශ්‍රීපාද අධි සංවේදී කලාපයෙන් බැහැරට ගෙනවිත් අදාළ නගර සභා හෝ ප්‍රාදේශීය සභා හරහා අවසන් බැහැර කිරීමේ වගකීම ඒ ඒ අලෙවිසල් හිමියන් වෙත පැවරීමයන පියවරයන් ක්‍රියාත්මක වනු ඇති.