හෙට කොළඹට එන අයට විශේෂ දැනුම්දීමක්

Report

2025 නත්තල් උත්සවය සමරන අවස්ථාව නිමිත්තෙන්, හෙට (24) දිනයේ කොළඹ නගරයට විශාල පිරිසක් සහ රථවාහන ප්‍රමාණයක් පැමිණීමට නියමිත වේ.

එම නිසා විශේෂයෙන් ගාලු මුවදොර සහ අවට ප්‍රදේශවල ජන සහ රථවාහන ගමනාගමනය අධික විය හැකි බැවින්, අදාළ ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලීසිය විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම්ව ඇත.

කොළඹ නගරය තුළ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත යන පොලිස් වසම්වලදී විශේෂයෙන් රථවාහන තදබදය ඇතිවිය හැකි බව පොලිසිය අවධාරණය කරයි.

එමෙන්ම, ජනතාවට සහ රථවාහන ධාවනයට ඇතිවන බාධා අවම කිරීම සඳහා විශේෂ රථවාහන පාලන, පිහිටුම් සහ මාර්ග විකල්ප සැලසුම් ක්‍රියාත්මක වේ. පොලිසිය, නත්තල් සමයේ මහජන ආරක්ෂාව සහ නාගරික ගමනාගමනය කාර්යක්ෂමව පවත්වා ගැනීම සඳහා මෙවැනි පියවර ගනී.

මේවා කළොත් ගැස්ට්‍රයිටීස් රෝගයට නිට්ටාවටම තිත

මේවා කළොත් ගැස්ට්‍රයිටීස් රෝගයට නිට්ටාවටම තිත

මෙසේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

පහත සඳහන් නිදහස් රථගාල් හා මාර්ග දෙපස මුදල් අයකර ගැනීමකින් තොරව රථවාහන අවහිරතා ඇති නොවන පරිදි ගාල්කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

* කොටුව පොලිස් වසමේ බාලක්ෂ මාවත එම්ඕඩී රථගාල (බේරේ වැව දෙසට)

*කොල්ලුපිටිය / බම්බලපිටිය/වැල්ලවත්ත මුහුදුබඩ මාර්ග

* කොටුව හා මරදාන පොලිස් වසම් වල ඩී ආර් විජේවර්ධන මාවත

* කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ පාසන්ට් පාර පිටවීමේ තීරුව පමණක්

*ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථ නැවතුම් ස්ථාන වල (Parking Bays)පමණක්

* කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ තිරුව (වම්පස)

*කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ් ආර් සේනානායක මාවත

*කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් මාවතරීඩ් තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස

*කුරුඳු වත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ දකුණු පස *කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස

*කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතන පාර

*කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතන පාර පහත සඳහන් රථගාල් සහ මුදල් අයකිරීමේ පදනම මත රථගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.

*පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල

*කොටුව පොලිස් වසමේ විමලධර්ම සූරිය ඔර්ලෝසු කණුව අසල රථගාල

*කොටුව පොලිස් වසමේ රාසික් ෆරීඩ් මාවත හේමාස් රථගාල

*ඩී ආර් විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල

*කොටුව පොලිස් වසමේ ලේඩ්න් බැස්ටියන් මාවත

*කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය

*කොටු ව පොලිස් වසමේ ඩියුක් වීදිය

*කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ යුනියන් පෙදෙස ඩෝසන් විදිය හන්දිය ඇක්සර් ටවර් රථගාල

*මරදාන පොලිස් වසමේ ගාමිණි වටරවුම් (St' Clement)