අලුතින්ම පැනවූ බද්ද ගැන මුදල් අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්..!

Ministry of Finance Sri Lanka Latest Headlines Value Added Tax​ (VAT) Income Tax Return
By Sewvandhi Oct 18, 2024 02:59 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ආනයනික පරිප්පු ඇතුළු භාණ්ඩ පහක් සඳහා පැනවූ බද්ද ගැන මුදල් අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ භාණ්ඩ මත අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බවත් අදාළ භාණ්ඩ සඳහා පැවති බදු අනුපාතය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇති බවයි.

එනම් මීට පෙර ලබන දෙසැම්බර් 31දා දක්වා බලපැවැත්වෙන පරිදි උම්බලකඩ සහ පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

ඒ 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා තිබෙනවා.

ඒ අනුව, ශීතකළ මසුන් සඳහා කිලෝග්‍රෑමයට රු. 400ක් හෝ 10%ක් යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණයක් පනවා ඇත. එමෙන්ම, උම්බලකඩ හා ඒ සඳහා වන ආදේශක සඳහා කිලෝග්‍රෑමයට රු. 302ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා

එයට අමතරව මයිසූර් පරිප්පු සහ පියලි කළ මයිසූර් පරිප්පු සඳහා කිලෝග්‍රෑමයකට ශත 25ක බද්දක් පනවා ඇත. තවද, කහ පරිප්පු හා පියලි කළ කහ පරිප්පු සඳහාද කිලෝග්‍රෑමයකට ශත 25ක බද්දක් ක්‍රියාත්මකයි.

එමෙන්ම, මැංගුස්ටින් හා වියළි මැංගුස්ටින් කිලෝග්‍රෑමයක් සඳහා රු. 200 විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති අතර, කිවි ෆෘට් කිලෝග්‍රෑමක් සඳහා රු. 175ක බද්දක් පනවා තිබෙනවා.

Gallery