අදින් පස්සේ ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට ගිහිල්ලත් ඉවරයි..ස්ටිකර් අලවලත් හමාරයි..කොමිසමෙන් හදිසියේම දැඩි නිවේදනයක්..!

Election Commission of Sri Lanka Presidential Update Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Sep 08, 2024 12:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා නිවෙස් වෙත යාමට හැකියාව ඇත්තේ පුද්ගලයින් පස්දෙනෙකුට පමණක් බවයි.

නිවෙස් වෙත ගොස් අත්පත්‍රිකා බෙදීමේදී පෙළපාලි වශයෙන් ගමන් කිරීමට නීතියෙන් අවසර ලබා දී නැති බවයි, අද (08) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ.

ඒ අනුව පස් දෙනෙකුට නොවැඩි කණ්ඩායමකට පමණක් නිවෙස් වෙත ගොස් අත් පත්‍රිකා බෙදීමට හැකියාව ඇති බව ඔහු පවසයි. මේ අතර අපේක්ෂකයින් ප්‍රවර්ධනය සඳහා වාහනවල ස්ටිකර් ඇලවීම සම්බන්ධවද අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු කරුණු දැක්වීය.

ඒ අනුව වාහනවල ස්ටිකර් අලවා ප්‍රදර්ශනය කළ හැක්කේ මැතිවරණයට ඉදිපත්ව සිටින අපේක්ෂකයින්ට පමණක් බව ඔහු පවසයි. අදාළ අපේක්ෂකයාගේ වාහනය හැර අනෙකුත් සියලු වාහනවල ස්ටිකර් හෝ වෙනත් ප්‍රදර්ශන පත්‍ර ඇලවීම නීතිවිරෝධී බවත් ඔහු පැවසීය.

ReeCha