කපිල නිසා මහින්ද කොටු වෙයිද? උණුසුම මැද අද අල්ලස් කොමිසමට
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී ලබා දුන්නේ යැයි කියන ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහත්වරුන් අද (12) දින අල්ලස් කොමිසමට කැඳවා තිබෙනවා.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, හිටපු ඇමති චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සහ ගුවන් සමාගමේ හිටපු විධායක අධ්යක්ෂ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී සැකකරුවන් කරමින් පවරා තිබූ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ ඉකුත් 05 දින කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම එම කරුණු ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව අල්ලස් කොමිසම කරුණු දක්වමින් සඳහන් කළේ අප්‍රේල් 30 වන දින යොමු කළ නොතීසියක් ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතා මැයි මස 12 දින අල්ලස් කොමිසමට කැඳවා තිබෙන බවයි.
කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි
එමෙන්ම එයාර් බස් ගනුදෙනුවෙන් පසුව ලැබී ඇති බව කියන අල්ලස් මුදල් මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයටද යොමු කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ යන අයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීම අල්ලස් කොමිසම ඊයේ (11) දිනයේදී සිදු කර තිබුණා.
ඒ අනුව අල්ලස් කොමිසමට ඊයේ (11) උදෑසන පැමිණි විලී ගමගේ මහතා පැය හතරක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබුණා.
මෙම විමර්ශන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී ප්‍රකට යුරෝපීය සිවිල් ගුවන්යානා සමාගමකින් ලබාගන්නා ලදැයි පවසන ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් මුදල් සම්බන්ධයෙන් සිදු කරයි.
වසර 11ක දේශපාලන දඩයම මරණයෙන් කෙළවර වෙයිද? කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන උදයංග වික්‍රමතුංග තැබූ ආන්දෝලනාත්මක සටහන මෙන්න
කෙසේ වෙතත් අල්ලස් කොමිසම ඉකුත් 05 දින අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ කාරයාලය සැකකාර ශමීන්ද්‍ර රාජපක්ෂ යන අයගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කර තිබෙන බවයි.
එසේම කාර්යාලයේ මෙහෙයුම් කටයුතු දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ යන අයගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇති බවත් මෙම ගනුදෙනු හා සම්බන්ධ මුදල් "සදිසි," නම් මාධ්‍ය ආයතනයක ගිණුමක් වෙත බැර කර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් සඳහන් කර ඇත.
එමෙන්ම කොමිසම වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ "සිංගප්පූරුවේ බිස් සොලූෂන් ආයතනයෙන් ස්ටෑන්ඩර්ඩ් චාර්ටට් බැංකුව හරහා ශ්‍රී ලංකාවේ ඇගෝ නැමති ආයතනයට මුදල් යවා තිබෙනවා.එම මුදල් අදාළ සමාගම ගනුදෙනු කළ නේෂන්ටස්ට් බැංකු ගිණුම් චෙක්පත් මඟින් සදිසි මීඩියා ක්‍රියේෂන් නැමැති අයතනයේ හවුල් අයිතිකරුවකු වන සමරවික්‍රමගේ සමන් සම්පත්ට යොමු කර තිබෙනවා.එම සමරවික්‍රමගේ සමන් යන අය කැඳවා ප්‍රකාශ සටහන් කර අදාළ මුදල් 2015 ජනාධිපතිවරණයට වියදම් කළ බවට අනාවරණය කරගෙන තිබෙනවා.සමීන්ද්‍ර රාජපක්ෂ යන අයගේ මූලිකත්වයෙන් ප්‍රචාරණ කටයුතු කළ ආකාරයත් අදාළ කටයුතු සඳහා එක් අවස්ථාවකදී රුපියල් මිලියන 9 ක චෙක්පතක් ලබාගත් ආකාරයත් අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා"