රෝහල්වල ඖෂධ නෑ..GMOA රජයට දන්වයි

Report

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසන්නේ රෝහල් පද්ධතියේ නොමැති ඖෂධ හා ශල්‍ය උපකරණ පහසුකම් බාහිරින් ලබා ගැනීමට නියම කිරීමේදී වෛද්‍යවරුන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය නොදීමෙන් පැනනගින නීතිමය ගැටලු හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් අපහසුතාවට පත්වන බවයි.

සුගතදාස මහතා එසේ පැවසුවේ අනුරාධපුරදී පැවති මාධ්‍ය හමුවකදී.

අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ හිඟය හා සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් කමිටුවක් පිහිටුවා සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වත්මන් රජය දැනුවත් කිරීම සඳහා අටමස්ථානාධිපති නාහිමියන් වෙතවාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම අරමුණ බවයි.

මේ වන විට රෝහලේ ඖෂධ හා ශල්‍ය උපකරණ මෙන්ම රසායනාගාර පහසුකම් වලද අඩුපාඩු පවතින බවත් මෙයින් රෝගීන්ට දැඩි අපහසුතාවට මුහුණ දීමට සිදුවන බවත් පවසන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කියා සිටියේ රෝහල් පද්ධතියේ නොමැති ඖෂධ හා ශල්‍ය උපකරණ පහසුකම් බාහිරින් ලබා ගැනීමට නියම කිරීමේදී වෛද්‍යවරුන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා නොදීමෙන් පැන නගින නීතිමය ගැටලු හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් අපහසුතාවට පත්වන බවයි.

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්