බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ මහා පෙරහැර ගැන සාකච්ඡාවක්

Report

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 76 වන වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා රජයේ සහාය සහ අනුග්‍රාහකත්වය ලබා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී තීරණය වූයේ ලබන ජුලි මස 25 වනදා සිට අගෝස්තු 16 වනදා දක්වා මෙවර පෙරහැර මංගල්‍යය පවත්වන බවයි.

මධ්‍යම කඳුකරය සුරැකීමට නව අධිකාරියක්

මධ්‍යම කඳුකරය සුරැකීමට නව අධිකාරියක්

මහනුවර දළදා පෙරහැරට පසුව මෙරට පැවැත්වෙන ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යයක් වන බෙල්ලන්විල පෙරහැර සඳහා මෙවරද රාජ්‍ය ආයතන රැසක මූල්‍ය සහාය ලබා ගැනීමට මෙහිදී එකඟතාව පළ විය.

ඒ අනුව මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව මහාභාරකාර දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු බැංකු පද්ධතිය මෙන්ම සංවර්ධන හා ජාතික ලොතරැයි මණ්ඩල, ශ්‍රී ලංකා ටෙලිකොම්, වරාය අධිකාරිය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන රැසක දායකත්වය මේ සඳහා හිමි වනු ඇත.

මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට

මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට