FIFA සම්මේලනය ආ ඉරාන පාපන්දු නිලධාරීන්ව ගුවන්තොටුපළේදීම හරවා යවයි - යවපු හේතුව නිසා ජාත්‍යන්තරය කැළඹේ
කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපළේදී එරට ආගමන විගමන නිලධාරීන්ගෙන් එල්ල වූ බාධා කිරීම් නිසා, ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහෙදි ටාජ් ප්‍රමුඛ ඉරාන පාපන්දු සම්මේලන නියෝජිත පිරිස FIFA සම්මේලනයට සහභාගී නොවී ආපසු හැරී ගොස් තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට පෙර වෑන්කුවර් හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වැදගත් හමුවට සහභාගී වීමට පැමිණි ඉරාන නිලධාරීන්, වලංගු වීසා බලපත්‍ර සහිතව පැමිණියද ගුවන්තොටුපළේදීම යළි හරවා යවා ඇති බවට විදෙස් පුවත් වාර්තා කර ඇත.
අඳාළ තීරණයට හේතුවී ඇත්තේ ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහෙදි ටාජ් හට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සමඟ පවතින බව කියන සබඳතාව බව සඳහන්.
කැනඩාව විසින් 2024 වසරේදී IRGC සංවිධානය ‘ත්‍රස්තවාදී සංවිධානයක්’ වශයෙන් නම් කරන ලද අතර, එහි සාමාජිකයන්ට කැනඩාවට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.
ඒ අනුව කැනඩා රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, පුද්ගලික තොරතුරු රහස්‍යභාවය සුරකිමින් වුවද, IRGC නිලධාරීන්ට කැනඩාව තුළ ඉඩක් නොමැති බව සිය ප්‍රතිපත්තිය බවයි.
කෙසේ වුවද කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය ඇනිටා ආනන්ද් පවසා ඇත්තේ මෙම සිදුවීම "නොදැනුවත්ව" සිදු වූවක් බවයි.
ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍යයේ කැළඹීමක්
ඉකුත් පෙබරවාරි මාසයේදී ඉරානය සමඟ ඇති වූ දේශපාලන නොසන්සුන්තාවන් මධ්‍යයේ, මෙම සිදුවීම ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව වාර්තා වේ.
එමෙන්ම ඉරාන ක්‍රීඩකයන්ට, නිලධාරීන්ට සහ ප්‍රේක්ෂකයන්ට නිදහසේ ගමන් කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී බරපතළ සැකයක් මතු වී තිබෙනවා. කෙසේ වෙතත් FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මේ පිළිබඳව කණගාටුව පළ කර ඇති අතර, ඉදිරියේදී ඉරාන නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්.
මෙම වසරේ ලෝක කුසලානය කැනඩාව, අමෙරිකාව සහ මෙක්සිකෝව යන රටවල් තුනේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.