මධ්‍යම කඳුකරය සුරැකීමට නව අධිකාරියක්
මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගනිමින් පෝෂණය කිරීම වෙනුවෙන් නව අධිකාරියක් පිහිටුවීමට අඳාළ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
ඒ ඊයේ(29) දින ජනාධිපති කාර්යාලයේදීයි.
එම සාකච්ඡාවේදී මෙම ක්‍රියාවලියට අඳාළ ප්‍රගතිය සහ නීතිමය ප්‍රතිපාදන පිළිබඳ පුළුල් ලෙස විමසා ඇති බව සඳහන්.
එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ ඊට අඳාළ යෝජනා සහ අදහස්ද ඉදිරිපත් කර තිබූ බවයි.
එසේම මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර ගනිමින් පෝෂණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී දැඩිව අවධාරණය කර ඇත.
