දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් ගෙඩනගන්න රජයෙන් වැඩපිළිවෙලක්

Report

ශ්‍රී ලංකාවේ අනාගත පරපුර දුම්කොළ භාවිතයෙන් මුදාගැනීම අරමුණු කරගත් "දුම්කොළ රහිත අනාගත පරපුරක්" පිළිබඳ විශේෂ සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදී තිබේ.

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් සකස් කරන ලද මෙම යෝජනාවලිය හරහා 2010 වර්ෂයෙන් පසු උපත ලැබූ සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීමට නිර්දේශ ඉදිරිපත් කර ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් කෙරෙහි අවධානය යොමු කර තිබේ. පළමුවැන්න, දැනට පවතින ජාතික අධිකාරී පනතේ රෙගුලාසි යාවත්කාලීන කිරීම වන අතර, දෙවැන්න වන්නේ යම් නිශ්චිත වයස් සීමාවකින් පසු උපදින පුද්ගලයන්ට දුම්කොළ නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය සහ මිලදී ගැනීම මුළුමනින්ම තහනම් කිරීමයි.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට නිවාස - මැයි අවසානයට පෙර - ජනපතිගෙන් නිවේදනයක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට නිවාස - මැයි අවසානයට පෙර - ජනපතිගෙන් නිවේදනයක්

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම සංකල්පය අගය කරමින් පෙන්වා දුන්නේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් සඳහා දුම්කොළ සහ මධ්‍යසාර ප්‍රධාන බාධකයක් බවයි.

මෙරට වාර්ෂික මරණවලින් 80%කට ආසන්න ප්‍රමාණයක් බෝ නොවන රෝග නිසා සිදුවන බවත්, දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් ලංකාව තුළ වසරකට පුද්ගල මරණ 22,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවත් NATA සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙහිදී අවධාරණය කළේය.

ලෝකයේ වෙනත් රටවල් ද මෙවැනි නීති සම්මත කරගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තුළ ද පාසල් දරුවන් අතර දුම්වැටි භාවිතය ඉහළ යාමේ අවදානම වැළැක්වීමට මෙම පියවර තීරණාත්මක වනු ඇත.

මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට

මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට